අවශ්‍ය ද්‍රව්‍ය
- හොදින් පිරිසිදු කර ගත් මාළුවෙක්
- 1 වරට පදම් කිරීමට
- මිරිස් කුඩු තේ හැඳි 2
- ලුණු කුඩු තේ හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1/4
- ලෙමන් යුෂ මේස හැඳි 2
2 වරට පදම් කිරීමට
- මුදවපු කිරි මේස හැඳි 4
- මිරිස් කුඩු මේස හැඳි 2
- ලුණු කුඩු තේ හැඳි 1/2
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- ලෙමන් යුෂ මේස හැඳි 2
- ඉඟුරු සුදු ලූනු පේස්ට් මේස හැඳි 1
- තෙල් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
මාලුවාගේ වරල් ඉවත් කර මාලුවා මත පිහියෙන් ඉරි ඇද ගන්න. බෝල් එකකට පළමු වරට මැරිනේට් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය එකතු කර හොදින් කලවම් කර මාලුවා මත තවරන්න. විනාඩි 30 ක් පදම් වෙන්න තබන්න.
බෝල් එකකට දෙවන වරට මැරිනේට් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය එකතු කර හොදින් කලවම් කර ගන්න. එය මාළුවා මත හොඳින් තවරා පැය 2 ක් ශීතකරණයේ තබන්න. අවන් එකේ ඇති රැක් එකක හොඳින් තෙල් හෝ බටර් තවරන්න.
ඒ මත මාලුවා තියා අවන් එකේ යටම රැක් එකේ ෆොයිල් කොළයක් දැමූ බේකින් ට්‍රේ එකක් තියන්න. සෙල්සියස් අංශක 240 ක ප්‍රීහීට් කළ අවන් එකේ පැයක් බේක් කර ගන්න. සලාද කොළ, දෙහි පෙති, ලූනු පෙති තබා අලංකාර කර මේසයට යවන්න.