අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බත් කොප්ප 6
- කපාගත් අන්නාසි ගෙඩි 1
- මුද්දරස්පලම් කොප්ප 1/4
- ග්‍රීන්පීස් කෝප්ප 1/4
- බැදගත් කජු 1/4
- කපාගත් ලූනු ගෙඩි 1
- සිහින්ව කපාගත් සුදු ලූනු බික් 5
- අමු මිරිස්
- සීනි තේ හැඳි 2
- සිහින්ව කපාගත් ලීක්ස් ස්වල්පයක්
- සිහින්ව කපාගත් කැරට් ස්වල්පයක්
- සිහින්ව කපාගත් බෝංචි ස්වල්පයක
- ස්විට් කොන්
- බටර් මේස හැඳි 4
සාදාගන්නා අකාරය
භාජනයක් රත් කර එයට බටර් එකතු කර ලූනු සහ සුදු ලූනු එකතු කර කලවම් කරගන්න. කැරට්, බෝංචි, ස්විට් කොන් සහ ග්‍රීන්පීස් එකතු කර විනාඩි 2 ක් පමණ තෙම්පරාදු කර අන්නාසි එකතු කර ගන්න. පිසගත් බත් ටිකත් එකතු කර හොඳින් කලවම් කර සීනි සහ ලුණු එකතු කර කලවම් කරගන්න. අවසානයට කජු, මුද්දරස්පලම් සහ ලික්ස් එකතු කර විනාඩික් පමණ බත තෙම්පරාදු කර ළිපෙන් බාගන්න.