අවශ්‍ය ද්‍රව්‍ය
- ලූනු ගෙඩි 1
- සුදු ලූනු බික් 4
- ඉඟුරු කැබැල්ලක්
- කුනිස්සෝ ග්‍රෑම් 20
- කැලි මිරිස් ග්‍රෑම් 50
- පොල්තෙල් මේස හැඳි 4
- සෝයා සෝස් තේ හැඳි 1
- තක්කාලි සෝස් මේස හැඳි 1
- රස අනුව ලුණු කුඩු
- සීනි මේස හැඳි 1
සාදාගන්නා අකාරය
භාජනයක් ළිප තබා පොල්තෙල් එකතු කර රත්වූ පසු සිහින්ව කපාගත් ලූනු, සුදු ලූනු සහ ඉඟුරු එකතුකර රන්වන් පාට වනතුරු බැද ගන්න. පසුව කුනිස්සන් එකතු කර විනාඩියක් පමණ තෙම්පරාදු කර කෑළි මිරිස් සහ රස අනුව ලුණු දමා හොඳින් තෙම්පරාදු කර අවසානයට සීනි, තක්කාලි සොස් සහ සෝයා සෝස් එකතු කර විනාඩියක් පමණ ළිප තබා කලවම් කරගන්න.