අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු හැඩයට කපාගත් කැරට් ගෙඩි
- කජු ග්‍රෑම් 50
- ග්‍රීන් පිස් ග්‍රෑම් 30
- රතු ලූනු ගෙඩි 5
- අමුමිරිස්
- සුදු ලූනු ස්වල්පයක්
- රම්පේ කරපිංචා
- උළුහාල් තේ හැඳි 1/4
- තුනපහ තේ හැඳි 1/2
- කහ කුඩු
- රස අනුව ලුණු කුඩු
- උකු පොල්කිරි කොප්ප 1/4
- වතුර කොප්ප 1/4
සාදාගන්නා අකාරය
මුලින්ම කජු, ග්‍රීන් සහ කැරට් පැය භාගයක් පමණ පෙගෙන්න හරින්න. පොඟවාගත් පසුව ඒ සියල්ල භාජනයකට දමා එයට ලූනු, අමුමිරිස්, සුදු ලූනු, රම්පේ, කරපිංචා, උළුහාල්, කහ කුඩු, තුනපහ කුඩු සහ ලුණු එකතු කර එයට වතුර දමා ළිප තබා පිසගන්න. විනාඩි 15 කට පසුව අවසානයට පොල්කිරි එකතු කර විනාඩියකින් පසු ළිපෙන් ඉවත් කරගන්න.