අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති අවශ්‍ය තරමට
- ඉඟුරු සුදු ලූනු ස්වල්පය බැගින්
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1
- අමුමිරිස් කරල් 2
- කරපිංචා ඉති 1
- තම්බාගත් අල ගෙඩි 1
- මිරිස් කුඩු තේ හැඳි 1
- තුනපහ කුඩු මේස හැඳි 1
- රස අනුව ලුණු හ ගම්මිරිස්
- කපාගත් ලීක්ස් කොළ ස්වල්පයක්
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට ඉඟුරු, සුදූ ලූනු, සිහින්ව කපා එකතුකර තෙම්පරාදු කරගන්න. මද වේලාවකට පසුව ලූනු, අමු මිරිස්, කරපිංචා ටිකක් සහ තම්බාගත් අල ගෙඩියක් දමා හොඳින් කවලම් කරගන්න.
එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, ලීක්ස්, ලුණු හා ගම්මිරිස් එකතුකර කවලම් කරන්න. පාන් පෙතිවල වාටි කපා රෝලින් පින් එකකින් පාන් පෙති හොඳින් තුනී කරගන්න. තුනී කරගත් පාන් පෙති මැද්දෙන් සාදාගත් මිශ්‍රණය දමා හොඳින් සීල් කර ගැඹුරු තෙලේ බැදගන්න.