අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙත් 6
- දියකරගත් බටර් මේස හැඳි 2
- බිත්තර 4
- සීනි කෝප්ප 3/4
- නැවුම් කිරි කෝප්ප 2
- වැනිලා තේ හැඳි 1
- වියළි මිදි ස්වල්පයක්
- කුරුඳු කුඩු ස්වල්පයක්
- සීනි ස්වල්පයක්
සාදගන්නා ආකාරය
පාන් පෙති කොටු හැඩයට කපාගන්න. ඉන්පසු භාජනයකට බිත්තර, සීනි, බටර්, වැනිලා, නැවුම් කිරි දමා හොඳින් කවලම් කරගන්න. දැන් අවන් එකේ පැන් එකට බටර් ස්වල්පයක් තවරා පාර්ච්මන්ට් ෂිට් එකක් අඩියට දාගන්න. එයට පාන් පෙති, ඉන්පසුව සාදාගත් මිශ්‍රණය
අතුරාගන්න. එයට උඩින් වියළි මිදි, කුරුඳු කුඩු සහ සීනි මිශ්‍රණය එකතු කරන්න. එය සෙල්සියස් අංශක 175 ට ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 25-35 ක් බේක් කරගන්න.