අවශ්‍ය ද්‍රව්‍ය
- හතු ග්‍රෑම් 100
- ලූනු ගෙඩි 1
- තක්කාලි ගෙඩි 1
- මාළු මිරිස් කරල් 1
- චොප් කරගත් සුදු ලූනු මේස හැඳි 1
- චොප් කරගත් ඉඟුරු මේස හැඳි 1
- අමු මිරිස් කරල් 2
- රම්පේ, කරපිංචා
- සීනි
- පොල්තෙල්
- තක්කලි සෝස් මේස හැඳි 1
- කෑලි මිරිස් මේස හැඳි 2
- පාන් පිටි මේස හැඳි 2
- රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු
සාදාගන්නනා ආකාරය
දික් අතට කඩාගත් හතු බෝල් එකකට දමා එයට කහ, ගම්මිරිස් සහ ලුණු එකතුකර කලවම් කරගන්න. මිශ්‍රණයට පාන් පිටි සහ වතුර මේස හැන්දක් දාලා බැටර් එක හදාගන්න. බැටර් එකේ තවරලා හතු ගැඹුරු තෙලේ බැද ගන්න. තෙල් රත්වූ භාජනයකට සුදු ලූනු සහ ඉඟුරු දාලා බදින්න. එයටම රවුමට කපාගත් ලූනූ, රවුමට කපාගත් මාළු මිරිස්, අමු මිරිස්, රම්ප, කරපිංච, රවුමට කපාගත් තක්කාලි, ගම්මිරිස් කුඩු, ලුණු, කෑලි මිරිස් සහ සීනි එකතු කරගන්න. මේ මිශ්‍රණයට බැදගත් හතු, තක්කලි සෝස් දාල හොඳින් මිශ්‍ර කරගන්න.