අවශ්‍ය ද්‍රව්‍ය
- මී පැණි හෝ ගෝල්ඩන් සිරප්
- පෙති කපාගත් ඉදුණු කෙසෙල්
- බටර්
- පාන් පෙති කිහිපයක්
සාදාගන්නා ආකාරය
පාන් පෙතිවල බටර් තවරාගෙන එක් පෙත්තක් මත කෙසෙල් පෙති අතුරාගන්න. ඒ මත මී පැණි වත්කර බටර් තවරාගත් තවත් පාන් පෙත්තකින් වසා සැන්ඩ්විච් කරගන්න. කැමති නම් ටෝස්ටරයක ටෝස්ට් කරගන්න. නැත්නම් පාන්වලට වාටි කපා ඉවත් කර කැමති ආකාරයට දෙකට හෝ හතරට කපාගන්න.