අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින් පෙති කපාගත් සැලඩ් කියුකම්බර් ගෙඩි 2
- චීස් වෙජස් 4
- බටර් මේස හැඳි 1
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- පෙති පාන් කිහිපයක්
සාදාගන්නනා ආකාරය
චීස්වලට බටර් සහ ගම්මිරිස් කුඩු එක් කර ක්‍රීම් ගතියට එන තුරු හොඳින් මිශ්‍ර කරගන්න. එය පාන් පෙතිවල තවරාගන්න. චීස් තවරාගත් පාන් පෙත්තක් මත පිපිඤ්ඤා පෙති අතුරා ඒ මත තවත් චීස් තවරාගත් පාන් පෙත්තක් තබා සැන්ඩ්විච් කර වාටි කපා ඉවත් කර පාන් පෙති දෙක කැමති ආකාරයට හතරට කපාගන්න.