අවශ්‍ය ද්‍රව්‍ය
- මිංචි කොළ ස්වල්පයක්
- රස අනුව ලුණු
- දෙහි ගෙඩි 2
- සීනි තේ හැඳි 2
- සෝඩා වතුර
සාදාගන්නා ආකාරය
ග්ලාස් එකට ලුණු ස්වල්පයක් දාලා දෙහි ගෙඩි 2 ක පොඩියට කපලා දමාගන්න. ඉන්පසුව මින්චි ටික කඩලා දාගන්න. ඊළඟට සීනි ටික එකතු කරගන්න. මේකට සෝඩා වතුර දාලා කලවම් කරගන්න. සීනි දිය වුණාම අයිස් කැට ටිකක් කුඩු කරලා උඩින් දාගන්න.