අවශ්‍ය ද්‍රව්‍ය
- ලෙමන් යුෂ මේස හැඳි 2
- සීනි මේස හැඳි 4
- සෝඩා කෝප්ප 1
- රස අනුව ලුණු
- අයිස් කියුබ් කිහිපයක්
- දෙහි පෙති කිහිපයක්
සාදාගන්නා ආකාරය
සීනිවලට වතුර කෝප්ප් 1/2 දාලා දියකරගන්න. වීදුරුවක් ගෙන ලෙමන් යුෂ සහ ලුණු එකතු කරගන්න. සාදාගත් සීනි සිරප් එකත් දමාගන්න. මේකට ලෙමන් පෙති ටික දාලා අයිස්කැට එකතු කරන්න. හොඳට කලවම් කරලා සෝඩා එකතු කරන්න.