අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 50
- ඊස්ට් තේ හැඳි 1
- රස අනුව ලුණු
- සිනි මේස හැඳි 1 1/2
- මුදවපු කිරි මේස හැඳි 4
- මද රස්නේ වතුර අවශ්‍ය පමණ
- ග්‍රේට් කරගත් මොසරැල්ලා හෝ චෙඩර් චීස්
- පොඩියට කපාගත් කොත්තමල්ලි කොළ
සාදාගන්නා ආකාරය
මුලින් පාන් පිටි එකට චීස් සහ කොත්තමල්ලි කොල හැර අනෙක් සියල්ල එක් කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව වතුර ටික ටික දමමින් පිටි මිශ්‍රණය අතේ ඇලවෙන පදමට අනා ගුලියක් සේ සාදාගන්න.
පසුව එය තෙත රෙද්දකින් වසා පැය 3 ක් පමණ පිපෙන්න හරින්න. දැන් අතේ පිටි ගා ගෙන අවශ්‍ය තරමක බෝල සාදා විනාඩි 15 ක් පමණ පැත්තකින් තියා ගන්න. පසුව පිටි ඉසගත් ලැල්ලක් මත පිටි ගුලියක් තියා අතින් පොඩ්ඩක් තුනි කර ගන්න.
පසුව මැදට කැමති චිස් වර්ගයක් තියා ගුලියක් වන සේ හොඳින් වසා ගන්න. දැන් එම පිටි ගුලිය පිටි ඉසගත් ලැල්ලක තුනි කර ඒ මත හිනියට කපාගත් කොත්තමල්ලි කොළ ටිකක් දමා නැවත නාන් රොටිය තුනි කර ගන්න. පසු සාමාන්‍ය විදියට ගින්දර දැමු තැටියක තුනි කරගත් නාන් එක දමා දෙපැත්තම හොදින් පුළුස්සා ගන්න.