පනීර් සාදාගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
- නැවුම් එළකිරි ලීටර් 1
- දෙහි යුෂ මේස හැදි 1
සාදාගන්නා ආකාරය
මුලින්ම කිරි ටික භාජනයක දාලා රත් වෙන්න තියන්න. සැරින් සැරේ කිරි උතුරන කල් හැඳි ගාමින් රත් කරන්න. කිරි ටික බුබුලු දමමින් උතුරන විට ලෙමන් යුෂ එකතු කරගන්න. කිරි කැටි වීගෙන වතුර සෑදීගෙන එන විට ළිප නිවාදමන්න. දැන් මේ දියරය පිරිසිදු රෙදි කෑල්ලක් භාවිතයෙන් පෙරා රෙදි කෑල්ලට කිරි කැට ටික එකතු කර හිමින් මිරිකා ගන්න. පසුව රෙදිවලින් ඔතා ඇති චීස් පැය 2-3 ක් තව දුරටත් බේරෙන්න උඩින් එල්ලා තබන්න. දැන් සූදානම් කරගත් පනීර් ශීතකරණයේ හොදින් ආවරණය කර තබා ගන්න.
පනීර් කරි එක සාදාගන්නා ආකරය
අවශ්‍ය ද්‍රව්‍ය
- සකසා ගත් පනීර්
- ඉඟුරු
- සුදු ලූනු
- මාළු මිරිස්
- තක්කාලි
- ලූනූ
- පොල් තෙල්
සාදාගන්නනා ආකාරය
පළමුවෙන්ම ඉඟුරු, සුදු ලූනු, මාළු මිරිස්, ලූනු සහ තක්කාලි කුඩා කැබලිවලට කපා ගන්න. සාදගත් කුඩා කොටු හැඩයට පනීර් කපා ගන්න. පසුව තෙල් ස්වල්පයක් දැමු භාජනයක් ළිප තබා මදක් රත් වුණාම කපාගත් ඉඟුරු, සුදු ලූනු, මාළු මිරිස්, ලූනු සහ තක්කාලි එයට එක් කරගන්න. පසුව එයට පනීර් එකතු කර විනාඩි 25 ක් පමණ මද ගින්නේ පිසින්න.