අවශ්‍ය ද්‍රව්‍ය
- රැයක් පෙඟෙන්න දාගත් කඩල කෝප්ප 1
- සිහින්ව කපාගත් රතු ලූනු
- වියලි මිරිස් කරල් කිහිපයක්
- ලියාගත් කරපිංචා
- කෑලිමිරිස් මේස හැදි 1
- රස අනුව ලුණු
සාදාගන්නනා ආකාරය
කඩල ටික හෝදලා වතුර පෙරා ග්‍රයින්ඩ් කරගන්න. දැන් මෙයට ලියාගත් කරපිංචා, ලූනු, කෑලි මිරිස් සහ වියලි මිරිස් කරල් කෑලි කඩා එකතු කරගන්න. පසුව ලුණු එකතුකර හොඳට කලවම් කර පොඩි බෝල හදල පැතලි කරගන්න. දැන් රන්වන් පාට වෙනකල් අඩු ගින්නෙ ගැඹුරු තෙලේ බැදගන්න.