අවශ්‍ය ද්‍රව්‍ය
- පැය 2 ක් පමණ පොඟවාගත් රතු පරිප්පු ග්‍රෑම් 250
- රතු ලූනු ගෙඩි කිහිපයක්
- අමුමිරිස් කරල් කිහිපයක්
- උම්බලකඩ කුඩු මේස හැඳි 5
- කරපිංචා
- කෑළිමිරිස් ස්වල්පයක්
- රස අනුව ලුණු
- බැදගැනීමට පොල්තෙල්
සාදාගන්නනා ආකාරය
පරිප්පු ටික ග්‍රයින්ඩ් කරගන්න. දැන් රතු ලූනු, කරපිංචා සහ අමුමිරිස් සිහින්ව කපාගන්න. දැන් මේ ටික බ්ලෙන්ඩ් කරගත් පරිප්පු ටිකට එකතු කර කෑළි මිරිස්, ලුණු දාගන්න සහ උම්බලකඩ එකතු කරගන්න.
දැන් මේ ඔක්කොම හොඳට කලවම් කර අතින් පොඩි බෝල හදාගෙන අඩු ගින්නෙ ගැඹුරු තෙලේ පරිප්පු වඩේ වගේම බාගෙට බැදල තියල නැවත බැදගන්න.