අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 500
- බටර් ග්‍රෑම් 50
- ලුණු තේ හැඳි 1
- සීනි තේ හැඳි 1
- ඊස්ට් තේ හැඳි 1 1/2
- මුදවපු කිරි කෝප්ප 1/2
- කපාගත් සුදු ලූනු ග්‍රෑම් 20
- නැවුම් කිරි මිලීලටර් 300
සාදගන්නා ආකාරය
පාන් පිටි, ලුණු හා ඊස්ට් හොඳින් කලවම් කරගන්න. දැන් මෙයට බටර් ග්‍රෑම් 30 ක්, මුදවාගත් කිරි හා එළකිරි දමා රොටි මිශ්‍රණක් අකාරයට අනාගන්න. මෙම මිශ්‍රණය පැයක් පමණ තබා කෑලිවලට කපා බෝල සාදගන්න. දැන් මෙය තූනී කර දෙපැත්ත පුළුස්සා ගන්න. ඉන් පාසුව එයට උඩින් ඉතිරි බටර් ටික ගාගන්න.