අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි හෝ ආටා පිටි කප් 2
- කඩල පිටි කප් 1
- චොප් කරගත් ලූනු සහ අමු මිරිස්
- සූදුරු ඇට තේ හැඳි 1/4
- අබ ඇට තේ හැඳි 1/4
- රස අනුව ලුණු
- මී කිරි කප් 1/2
- චොප් කරගත් කොත්තමල්ලි කොළ
සාදාගන්නනා ආකාරය
සියලුම ද්‍රව්‍ය එකට එකතු කර මිශ්‍ර කර හොඳින් අනාගන්න. රොටි පදමට අනාගැනීමට අවශ්‍ය නම් වතුර ටිකක් එකතු කරගන්න. කුඩා බෝල 6 ක් කඩා තෙල් තවරාගෙන රොටිය තුනී කරගෙන තෙල් හෝ ගී ටිකක් ගා ගත් තැටියක පුළුස්සාගන්න.