අවශ්‍ය ද්‍රව්‍ය
තලපත්, කිරි මෝර, ලින්නා වැනි මාළු වර්ගයක්
රස අනුව පහත ද්‍රව්‍ය
අමු මිරිස්
ලූනු
ගම්මිරිස්කුඩු
මිරිස්කුඩු
කහ
බැදපු තුනපහ
සුදුලූනු
ගොරකා
රම්පේ කරපින්චා
ඉඟුරු
රස අනුව ලුණු
කරදමුංගු
කරාබුනැටි
සුදු පොල්තෙල්
සාදාගන්නා ආකාරය
සාමාන්‍යය කැබලිවලට කපා ලූනු, මිරිස්, ගම්මිරිස්, කහ, බැදපු තුනපහ, තලාගත් සුදු ලූනු, තලාගත් කුඩා ඉඟුරු කැබැල්ලක් සහ කරදමුංගු ඇට දෙකක්, කරාබු නැටි දෙකක් සහ කුරුඳු කැබැල්ලක් සහ ගොරකා එක් කර එයටම සුදු පොල් තෙල් ඉතා කුඩා ප්‍රමාණයක් මේස හැඳි බාගයක් පමණ එකතු කර උණු වතුර කෝප්පයක් එක්කර ළිප තබා මද ගින්නෙ සෙමෙන් හොඳින් පිසගන්න. එකතු කර ජලය සිදෙන විට මාළු එක ළිපෙන් ඉවත් කර පියනකින් වසා තබන්න.