අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු අන්නාසි ගෙඩි 1
- දෙහි ගෙඩි 1/2 ක යුෂ
- මී පැණි මේස හැඳි 2-3
සාදාගන්නා ආකාරය
අන්නාසි අඟල් 1/2 කැබලිවලට කපා පැය 12 ක් ෆ්‍රීස් කර ගන්න. ෆුඩ් ප්‍රොසෙසර් එකට ෆ්‍රීස් කර ගත් අන්නාසි, දෙහි යුෂ සහ මී පැණි එකතු කර බ්ලෙන්ඩ් කර ගන්න.එවිට අයිස්ක්‍රීම් වැනි මිශ්‍රණයක් ලැබේ. එය ටබ් එකකට දා නැවත පැය 2 ක් ශීතකරණයේ තබා පිලිගන්වන්න.