අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් 400
- කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 400
- මළු මිරිස් ග්‍රෑම් 100
- තක්කාලි ග්‍රෑම් 100
- ලූනු ග්‍රෑම් 100
- සුදු ලූනු තේ හැඳි 2
- ඉගුරු තේ හැඳි 1
- කෑළි මිරිස් මිරිස් මේස හැඳි 4
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- තක්කාලි සෝස් මිලීලටර් 100
- සෝයා සොස් මේස හැඳි 2
- තෙල් මේස හැඳි 4
සාදාගන්නා ආකාරය
කුකුල් මස් වලට අවශ්‍ය පමණට ලුණු හා ගම්මිරිස් එකතුකර බැදගන්න. තෙල් රත් වූ බදුනකට ඉඟුරු, සුදු ලූනු දමා තෙම්පරාදු කරගෙන බැදගත් කුකුල් මස්, සෝයා සෝස්, ලූනු, තක්කාලි සෝස්, තක්කාලි, ලුණු හා ගම්මිරිස් එකතුකරගන්න. මෙම මිශ්‍රණය තම්බාගත් නූඩ්ල්ස් සමග මිශ්‍ර කරගන්න.
