අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් පැස්ටා 500ට
- ඉස්සො 250ට
- බටර් මේස හැඳි 2
- කොටුවට කපාගත් තක්කාලි
- ලූනු කොළ
- පාස්ලි කොළ
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1/2
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
සාදාගන්නනා ආකාරය
භාජනයක් අරගෙන බටර් ටිකක් දාලා දියවෙන්න ඇරලා ඒකට සුද්දකරගත් ඉස්සො ටික දාන්න. දැන් කොටුවට කපාගත් තක්කාලි දාගන්න. ලූනු කොළත් පොඩියට කපා එකතු කරගන්න. ඒකටම මිරිස්කුඩු දමා පාස්ලි කොළ ටිකක් දාන්න. දැන් ලුණු හා ගම්මිරිස්කුඩු එක්ක ෆ්‍රෙශ් ක්‍රීම් ටික එකතු කරන්න. හොඳට උතුරනකොට තම්බාගත් පැස්ටා ටික එකතු කර ආහාරයට පිළිගන්වන්න.
