අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් 850
- රටකජු තෙල් මේස හැඳි 2
- සිහින්ව පෙති කපාගත් කුකුල් මස් ග්‍රෑම් 700
- සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 100
- තලාගත් සුදු ලූනු ස්වල්පයක්
- රතු බෙල්පෙපර් ග්‍රෑම් 350
- පක්චෝයි කොළ ග්‍රෑම් 400
- තලාගත් ඉඟුරු ග්‍රෑම් 10
- ඔයිස්ටර් සෝස් මේස හැඳි 5
- සෝයා සෝස් මේස හැඳි 2
- කුකුල් මස් ස්ටොක් වතුර මිලීලටර් 180
- කෝන් පිටි මේස හැඳි 1
සාදගන්නා ආකාරය
නූඩ්ල්ස් තම්බා වතුර පෙරාගෙන තෙල්වලින් කොටසක් බඳුනකට දමා රත්කර තෙම්පරාදු කරගන්න. නූඩ්ල්ස් ටික කේක් එකක් හැඩයට සාදගන්න. වෙනත් බදුනකට තෙල් එකතුකර ලූනු, සුදු ලූනු, ඉඟුරු හා කුකුල් මස් එකතුකර බැදගන්න. මද වේලාවකට පසු පක්චෝයි, සෝස් වර්ග, බෙල්පෙපර්, චිකන් ස්ටොක් වතුර හා කෝන් පිටි එකතුකර උකු මිශ්‍රණයක් සදා එය නූඩ්ල්ස් එක උඩින් දමාගන්න.
