අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර කහමද 5
- බිත්තර සුදුමද 5
- සීනි ග්‍රෑම් 150
- කිරි මිලිලීටර් 75
- වැනිලා තේ හැඳි 1
- පාන්පිටි ග්‍රෑම් 180
- බේකින් පවුඩර් තේ හැඳි 1 1/2
- රස අනුව ලුණු
- සීනි ග්‍රෑම් 50
ෆ්රෝස්ටින් එකට
- කිරි කෝප්ප 1/2
- හෙවික්‍රීම් ග්‍රෑම් 200
- ටිං කිරි මිලිලීටර් 390
- ඩබල් ක්‍රීම් මිලිලීටර් 250
- වැනිලා තේ හැඳි 1
- අයිසින් ෂුගර් මේස හැඳි 3
සාදාගන්නා ආකාරය
බිත්තර කහමදවලට සීනිවලින් බාගයක් එකතු කරලා විනාඩි 7 ක් පමණ හොඳින් බීට් කරගන්න. ඊළඟට කිරි එකතු කිරි හා වැනිලා දාලා විස්ක් කරගන්න. බෝල් එකකට පාන්පිටි, බේකින් පවුඩර් සහ ලුණු එකතු කරගන්න. මේ ටික හලාගෙන කේක් මිශ්‍රණයට දාල හොඳට කලවම් කරගන්න. බිත්තර සුදුමද ටික ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. මේකට ඉතුරු සීනි ටික ටික එකතු කරන ගමන් බීට් කරගන්න. ස්ටිෆ් උනාම මේක කේක් මිශ්‍රණයට එකතු කරන්න. පත්තකින් කලවම් කරගන්න. දැන් මේ කේක් මිශ්‍රණය බේකින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 30 ක් බේක් කරගන්න.
ෆ්රෝස්ටින් එක සාදාගැනීම
බෝල් එකකට කිරි ටික දාලා ඒකට හෙවි ක්‍රීම් සහ මිල්ක්මේඩ් එකතු කරගන්න. හොඳට කලවම් කරලා බේක් කරගත් කේක් එක උඩට හැන්දකින් මේ ලික්විඩ් එක කේක් එක වැහෙන ප්‍රමාණට වක්කරගන්න. දැන් මේක රැයක් ෆ්‍රිජ් එකේ දාගන්න. ඩබල් ක්‍රීම් වලට වැනිලා හා අයිසින් ෂුගර් එකතු කරලා හොඳට විස්ක් කරගන්න. මේ ෆ්රෝස්ටින් එක කේක් එකේ ගාලා කැමති විදියට සරසගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/10/duminda-siriwardana.png)