අවශ්‍ය ද්‍රව්‍ය
- රුලං පිටි කෝප්ප 1 1/2
- පාන් පිටි කෝප්ප 1/2
- සීනි කෝප්ප 1
- කිරි කොප්ප 1
- Sunflower තෙල් කෝප්ප 1/2
- බේකින් පවුඩර් තේ හැඳි 2
- කහකුඩු තේ හැඳි 1
- තල ඇට මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
රුලං සහා පාන්පිටි වර්ග දෙක සහ සීනි බේකින් පවුඩර්, කහ කුඩු භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. තෙල් සහ කිරි වෙනත් භාජනයකට දමා එයත් හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු පිටි මිශ්‍රණය එකතු කර විනාඩි 5 ක් පමණ හොඳින් බීට් කරගන්න.
පසුව තල යන්තමින් කබලේ බැදගන්න. සදාගත් කේක් මිශ්‍රණය තැටියට දමා එයට බැදගත් තල උඩින් දමාගන්න. සෙල්සියස්අංශක 180 උෂ්ණත්වය යටතේ විනාඩි 30 ක් පමණ බේක් කරගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/chandima-mallawarachchi.png)