අවශ්‍ය ද්‍රව්‍ය
- පොල් ගෙඩි 1 1/2 ක පොල්
- හකුරු ග්‍රෑම් 125
- රතු සීනි ග්‍රෑම් 150
- පිටි ග්‍රෑම් 150
- බේකින් පවුඩර් තේ හැඳි 1
- පොල් කිරි අඬු කෝප්ප 1/2 වගේ
- වැනිලා
- කජු ග්‍රෑම් 50
- කුරුඳු කුඩු තේ හැඳි 1/2
- එනසාල් කුඩු
සාදාගන්නා ආකරය
හකුරු ටික හොඳින් ග්‍රේට් කර සීනි සහ පොල් කිරි සමගින් ළිප තියා අඩු ගින්දරේ උණු කරගන්න. එයටම ගාගත් පොල් එකතුකර හොඳින් කලවම් කරගන්න. කුරුඳු කුඩු, එනසාල් කුඩු එකතු කර හොඳින් කලවම් කර ලිපෙන් ඉවත්කර නිවෙන්න හරින්න.
පිටි බේකින් පව්ඩර් එකතුකර තුන්වරක් හලාගන්න. පසුව සාදාගත් අපි පොල් මිශ්‍රණයට පිටි ටික ටික එකතුකර හොඳින් කලවම් කරගන්න. කපාගත් කජුත් එකතුකර හොඳින් කලවම් කරගන්න. සෙල්සියස් අංශක 150ක් ක උෂ්ණත්වය යටතේ පැය 1 විනාඩි 20 බේක් පමණ බේක් කරගන්න.