අවශ්‍ය ද්‍රව්‍ය
- පැය 6 ක් පමණ පොඟවාගත්
- කජු ග්‍රෑම් 200
- ග්‍රීන්පීස් ග්‍රෑම් 50
- ලියාගත් රතු ලූනු ගෙඩි 3
- ලියාගත් සුදු ලූනු බික් 2
- උළුහාල් තේ හැඳි 1/2
- රම්පේ හා කරපිංචා
- තුනපහ කුඩු තේ හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1/4
- රස අනුව ලුණු
- දියකිරි කෝප්ප 2
- මිටිකිරි කෝප්ප 1/4
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ග්‍රීන්පීස් ටික සෝදා ගන්න. භාජනයක් අරගෙන කජු, ග්‍රීන්පීස් සහ දියකිරි දාලා හොඳට තම්බගන්න. තෙල් ටිකක් භාජනයක රත්වෙන්න තියලා ඒකට ලියාගත් ලූනු, සුදු ලූනු උළුහාල්, රම්පේ, කරපිංචා, තුනපහ කුඩු, කහ කුඩු හා ලුණු දාලා හොඳට තෙම්පරාදු කරගන්න. ඒකට තම්බගත්ත කජු සහ ග්‍රීන්පීස් දාලා මිටිකිරි දාලා හින්දගන්න.
