අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා ගත් කඩල කෝප්ප 2
- කපාගත් කටු රහිත චිකන් කෝප්ප 2
- මී කිරි මේස හැඳි 2
- කපාගත් තක්කලි ගෙඩියක්
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 2
- අමුමිරිස් කරල් 1
- තලාගත් සුදු ලූනු බික් 2
- ගරම් මසාලා තේ හැඳි 3/4
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- කහ තේ හැඳි 1/4
- රස අනුව ලුණු
- සීනි තේ හැඳි 1
- අබ ඇට තේ හැඳි 1/4
- සූදුරු තේ හැඳි 1/4
- තෙල් හෝ ගී
- කරදමුංගු 3
- කරාබුනැටි 5
- කුරුඳු කැබැල්ලක්
- ස්ටාර් අනීස් බාගයක්
- කොත්තමල්ලි කොළ
සාදාගන්නා ආකාරය
ගී ටික රත් වෙන්න තියල ඒකට අබ ඇට දාල අබ පුපුරන කොට සූදුරු, කරදමුංගු, ස්ටාර් අනීස්, කරාබුනැටි, කුරුඳු දාල තෙම්පරාදු කරගන්න. ඒකටම තක්කලි එක්ක ලූනු සහ සුදු ලූනු ටික එකතු කර ඊට උඩින් පහේ වර්ග සියල්ලමත්, සීනි සහ ලුණුත් එකතු කරගන්න.
දැන් කුකුල් මස් ටික එකතු කර කලවම් කරගෙන ළිප අඩු කරල පියනකින් වහල තියන්න විනාඩි 3 ක්. ඒකට කඩල ටික එකතු කරගෙන කලවම් කරල චිකන් සහ කඩල මිශ්‍රණයේ මට්ටමටම එන්න වතුර දාගන්න.
ඊට වැඩි කරගන්න එපා. දැන් මෙය හිඳෙන්න නොදී ලිපෙන් ඉවත් කරගන්න. දුම් දාන රස්නෙ යන්න ඇරල ගෑරප්පුවකින් ක්‍රීම් වෙනකම් ගසාගත්ත මීකිරි ටික කලවම් කරගන්න. හොඳට කලවම් කරන් ආයෙමත් ළිපෙන් තියල උතුරවාගෙන අන්තිමට කොත්තමල්ලි කොළ අහුරක් කපල දාල ලිප නිවාගන්න.
