අවශ්‍ය ද්‍රව්‍ය
- චිකන් ග්‍රෑම් 500
- අල ගෙඩි 2
- එළවළු තෙල්
- කරදමුංගු සහ කරාබුනැටි
- කුරුඳු පොතු කැබැල්ලක්
- සූදුරු පින්ච් 1
- චොප්කරගත් ලූනු ගෙඩි 2
- අමුමිරිස් කරල් 2
- ඉඟුරු සුදු ලූනු පේස්ට් මේස හැඳි 1
- මිරිස්කුඩු මේස හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/2
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
- චොප්කරගත් තක්කාලි ගෙඩි 3
- යෝගට් 1
- රස අනුව ලුණු
- ගරම් මසාලා තේ හැඳි 2
- දෙහි යුෂ
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
රත්වූ තෙලට කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු, සූදුරු දාලා බැදෙන්න හරින්න. දැන් චොප්කරගත් ලූනු, අමුමිරිස් සහ ඉඟුරු සුදු ලූනු පේස්ට් එක දාලා කලවම් කරගන්න. මේකටම මිරිස්කුඩු, කහකුඩු, කොත්තමල්ලි කුඩු සහ තක්කාලි ටික දාගන්න. හොඳට තෙම්පරාදු වූ පසු කුකුල් මස් එකතුකරලා කලවම් කර වසා තබන්න. කුකුප් මස් බාගෙට තැම්බෙන කොට තරමක කෑලි කපාගත් අල එක්ක ගරම් මසාලා මේකට එකතු කරලා වතුර කෝප්ප 1/2 ක් එකතු කරගන්න. විනාඩි 10 ක් වගේ වහලා පිසගන්න. අවසානයට යෝගට් එක පොඩ්ඩක් ගෑරප්පුවකින් ගහගෙන මේකට එකතු කර ළිපෙන් ඉවත් කර හොඳට කලවම් කරන්න. දෙහි යුෂ හා කොත්තමල්ලි කොළ ටික උඩින් එකතු කරගන්න.
