අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව්තෙල් මේස හැඳි 1
- චොප්කරගත් ලූනු ගෙඩි 2
- චොප්කරගත් සුදු ලූනු බික් 3-4
- කොටුවට කපාගත් කැරට් කෝප්ප 1
- ග්‍රීන් පීස් කෝප්ප 1/2
- කපාගත් බෝංචි කෝප්ප 1/2
- කොටු හැඩයට කපාගත් අල කෝප්ප 1
- කෝලිෆ්ලවර් කෝප්ප 1
- රස අනුව ලුණු සහ ගම්මිරිස්කුඩු
- අමු තුනපහ පවුඩර් තේ හැඳි 2
- වෙජිටබල් ස්ටොක් කෝප්ප 1 1/2
- දියකරගත් කෝන්ෆ්ලා මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
ඔලිව් තෙල් රත් වෙන්න තියලා ඒකට චොප්කරගත් ලූුනු සහ සුදු ලූනු දාලා ෆ්‍රයි කරගන්න. පසුව එළවළු ටික එකතු කරලා අඩු ගින්දරේ වහලා තියන්න. එළවළු බාගෙට වගේ තෙලෙන්ම තැම්බුනාම ලුණු සහ අමුපහේ එකතු කරන්න.
දැන් කෝන් ෆ්ලා කලවම් කරගත්ත වෙජිටබල් ස්ටොක් එක දමා කලවම් කරල එළවළු ටික හොඳටම තැම්බිලා වතුර ගතිය අඩු වෙලා පොඩ්ඩක් උකු උනාම ළිපෙන් ඉවත් කරගන්න. කැමති නම් වෙජිටබල් ස්ටොක් වෙනුවට පොල් කිරි එකතු කරගන්නත් පුළුවන්.
