අවශ්‍ය ද්‍රව්‍ය
- කටු නැති කුකුල් මස් ග්‍රෑම් 500
- කොටු කපාගත් කැරට් ගෙඩි 1
- කොටුකපාගත් අල ගෙඩි 1
- දෙකට තුනට කපාගත් බෝංචි ස්වල්පයක්
- ඔලිව්තෙල් මේස හැඳි 2
- චොප්කරගත් ලූනු ගෙඩි 2
- චොප්කරගත් සුදු ලූනු බික් 3
- කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 3
- මස් කරි කුඩු තේ හැඳි 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- මිටිකිරි කෝප්ප 1
- ගරම් මසාලා තේ හැඳි 1/2
- මිරිස් කුඩු සැර පදමට
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
සාදාගන්නා ආකාරය
පෑන් එකට තෙල් දාලා ලූනු ටික රන්වන් පාට වෙනකල් ෆ්‍රයි කරගන්න. ඊළඟට සුදු ලූනු ටික දාගන්න. තව විනාඩි දෙකක් වගේ ෆ්‍රයි කරලා තක්කාලි ටික එකතු කරගන්න. මද වේලාවකට පසුව කරි කුඩු ටික දාගෙන ඒ එක්කම කපාගත් කුකුල් මස් ටික දාගන්න. ලුණු, ගම්මිරිස්කුඩු සහ මිරිස් කුඩු රස අනුව දාගන්න. හොඳට කලවම් කරගෙන කුකුල් මස් බාගෙට වගේ තැම්බෙනකොට අල සහ කැරට් එකතු කර ඒ එක්කම වතුර කෝප්ප 3/4 ක් දාගෙන අඩු ගින්දරේ පියනකින් වසා පිසගන්න. අල සහ කැරට් තැම්බිලා කියල පේනකොට අන්තිමට බෝංචි, මිටිකිරි එක්ක ගරම් මසාලා එකතු කරන් හින්දගන්න. හොදි ගතිය ඕන නම් උතුරනකොට ළිප නිවාගන්න. කොත්තමල්ලි කොළ ටිකක් උඩින් ඉහගන්න.
