අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 3
- ජෙලටින් තේ හැඳි 5
- බිත්තර 3
- චොක්ලට් පව්ඩර් මේස හැඳි 2
- සීනි
- වැනිලා තේ හැඳි 2
සාදාගන්නා ආකාරය
මුලින්ම බිත්තර කහමදවලට සීනි එකතු කර බීට් කරගන්න. එයට කිරි ටික දාලා ළිප තියා උතුරන විට චොක්ලට් පවුඩර් දාලා කලවම් කරගන්න. ඉන්පසු ළිපෙන් බාගන්න. ජෙලටින් ටික ඩබල් බොයිල් කර කැටි නොගැහෙන්න හොඳට හැඳිගාන්න.
මේකට වැනිලා ටිකකුත් එකතු කරන්න. බිත්තර සුදු මද ටික හිම වගේ ඝන වෙනකල් බීට් කරගන්න. සියල්ලම කිරි මිශ්‍රණයට කලවම් කර ශීතකරණයේ දමා උඩින් චොක්ලට් ග්‍රේට් කර එකතුකරගන්න.
