අවශ්‍ය ද්‍රව්‍ය
- චොකලට් එක සඳහා
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- සීනි මේස හැඳි 4
- රස අනුව ලුණු
- කිරි කෝප්ප 1
- චොකලට් චිප්ස් කෝප්ප කාලක්
කැරමල් එක සඳහා
- කිරි කෝප්ප 1
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- සීනි කෝප්ප කාලක්
- බටර් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
චොකලට් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම භාජනයකට එකතුකර මද ගින්නෙ ළිප තියන්න. උකු ද්‍රාවණයක් හැදෙනකල් හොඳට හැඳිගාන්න. දැන් මේක නිවෙන්න හැර ට්‍රාන්ස්පේරන්ට් ඩෙසර්ට් කප් අරගෙන ඒ කප් එකෙන් භාගයක් පිරෙන්න චොක්ලට් දාගන්න. මේක ශීතකරණයේ පැය 8 ක් වගේ සෙට් වෙන්න තියලා කැරමල් එක හදාගන්න.
කිරිවලට කෝන්ෆ්ලා දාගෙන හොඳට කලවම් කර වතුර පොඩ්ඩක්වත් නැති වියලි පෑන් එකක් අරගෙන සීනි ටික දාලා කැරමල් කරන්න. දැන් බටර් එකතු කර කලවම් කරන ගමන් කිරි එක එකතු කරගන්න. මද ගින්නෙ මේක තික් වෙනකල් හැඳි ගාලා ළිපෙන් බාගන්න. ටිකක් නිවෙන්න හැර චොක්ලට් දාපු කප්වලට කැරමල් ලේයර් එකක් උඩින් වත්කර නැවත ශීතකරණයේ තියන්න. පැය කීපයකින් එළියට අරගෙන ආමන්ඩ් ඇට ටිකක් කුඩු කරලා චොක්ලට් ස්ප්‍රින්කල්ස් එක්ක ඉසගන්න.
