අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 2/3
- කොකෝ පව්ඩර් කෝප්ප 1/4
- බේකින් පවුඩර් තේ හැඳි 1
- බේකින් සෝඩා තේ හැඳි 1/2
- අයිසින් ෂුගර් කෝප්ප 1/2
- එළවළු තෙල් කෝප්ප 1/4
- බිත්තර 2
- කිරි කෝප්ප 1/2
අයිසින් එක සඳහා
- මිල්ක්මේඩ් කෝප්ප 1/2
- චොක්ලට් චිප්ස් කෝප්ප 1/4
- විපින් ක්‍රීම් කෝප්ප 1/4
- සීනි තේ හැඳි 1
- කොකෝ පව්ඩර් තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
පාන්පිටි, කොකෝ පවුඩර්, බේකින් පවුඩර්, බේකින් සෝඩා, අයිසින් ෂුගර් එකතු කරලා දෙපාරක් හලාගන්න. දැන් මේකට එළවළු තෙල සහ බිත්තර එකතු කර කලවම් කරගන්න. දැන් කිරි එකතුකර හොඳින් විස්ක් කරගන්න. බේක් කරන්න පුළුවන් ග්ලාස් පෑන් එකක් අරන් තෙල් ටිකක් බ්‍රශ් කරලා ඒකට බේකින් පේපර් එකක් දාලා බැටර් එක දාගන්න.
ටිකක් ලොකු පෑන් එකක් අරගෙන ඒක ඇතුලෙන් ගෑස් කුකර් ස්ටෑන්ඩ් එක තියලා පියනකින් වහලා විනාඩි 10 ක් මද ගින්නෙ හීට් කරන්න. දැන් මේක ඇරලා ග්ලාස් පෑන් එක තියලා වහගන්න. විනාඩි 40-50 ක් බේක් වෙන්න දෙන්න. දැන් පියන ඇරලා කූරක් මැදට ගහල බලලා හොඳට බේක් වෙලාද චෙක් කරගන්න.
දැන් මේක එළියට අරන් වාටි කපලා ආයෙම ග්ලාස් පෑන් එකට දාගන්න’දැන් හැඳි මිටක් අරගෙන කේක් එක පුරා හිල් විදගන්න. දැන් අයිසින් එක හදාගමු. මිල්ක්මේඩ්වලට චොකලට් චිප්ස් එකතු කරලා විනාඩි 2 ක් මයික්‍රොවේව් හෝ දිය වෙනකම් ඩබල් බොයිල් කරගන්න. දැන් මේක කලවම් කරලා හිල් හදාගත්තු කේක් එකට උඩින් වක්කරන්න.
දැන් විපින් ක්‍රීම්වලට සීනි හා චොක්ලට් පවුඩර් එකතු කරලා බීට් කරගන්න. හයිස්පීඩ් විනාඩි 10 ක් බීට් කළාම අයිසින් එක ගාණට හැදෙනවා. දැන් මේ අයිසින් එක කේක් එකේ තවරගන්න. උඩින් චොකලට් චිප්ස් ඉසගෙන ෆ්‍රිජ් එකේ දාගන්න. කන්න කලින් කැමති නම් චොකලට් සිරප් උඩින් දාගන්න.
