අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කඩල කෝප්ප 1
- ඔලිව්තෙල් මේස හැඳි 1
- මිරිස්කුඩු තේ හැඳි 2
- තුනපහකුඩු තේ හැඳි 1/2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ගාලික් සෝස්
සාදාගන්නා ආකාරය
පෑන් එකකට කඩල ටික දාලා ඔලිව්තෙල් උඩින් ඉසගන්න. ඊළඟට මිරිස්කුඩු, තුනපහ කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. කලවම් කරමින් මද ගින්නේ විනාඩි 5 ක් වගේ ෆ්‍රයි කරගන්න. ළිපෙන් ඉවත් කර ගාලික් සෝස් කලවම් කරගන්න.
