අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කඩල කෝප්ප 1
- තලාගත් ඉඟුරු, සුදු ලූනු ස්වල්පයක්
- මිරිස්කුඩු තේ හැඳි 2
- චොප්කරගත් ලූනු ගෙඩි 1
- තක්කාලි සෝස්
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තියා තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු ඉඟුරු, සුදු ලූනු හා ලූනු ටික දමාගන්න. මද වේලාවකට පසුව මිරිස්කුඩු එකතු කරන්න. දැන් මේකට තම්බාගත් කඩල, ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. ළිපෙන් ඉවත් කරන්න කලින් තක්කාලි සෝස් මේස හැඳි 2 ක් විතර දාලා කලවම් කරගන්න.
