අවශ්‍ය ද්‍රව්‍ය
- කුකුල් මස් කිලෝග්‍රෑම් 1
- මිටි කිරි අඬුකෝප්ප 1
- අමු මිරිස් කරල් 6
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/2
- කරපිංචා ඉති 1
- සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 100
- සීනි තේ හැඳි 1/2
- සුදු ලූනු ග්‍රෑම් 20
- ඉඟුරු ග්‍රෑම් 20
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කුකුල් මස් කුඩාවට කපා ලුණු, ගම්මිරිස් එකතුකර සීසන් කර බැදගන්න. තෙල් රත්වූ භාජනයකට අමු මිරිස්, සුදු ලූනු, ඉඟුරු, ලූනු, කරපිංචා එකතුකර තෙම්පරාදු කර බැදගත් මස් හා සීනි හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය එකතුකර උතුරාගන්න. පසුව සීනි එකතුකර මිශ්‍රණය උතුරන විට බැදගන්න මස් දමා ගන්න.
