අවශ්‍ය ද්‍රව්‍ය
- අන්නාසි ගෙඩි 1
- රටඉඳි ග්‍රෑම් 200
- ලූනු ග්‍රෑම් 200
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු ග්‍රෑම් 10
- අබ ඇට තේ හැඳි 1
- තෙල් මේස හැඳි 2
- කෑළි මිරිස් තේ හැඳි 3
- සීනි තේ හැඳි 2
- කරපිංචා ඉති 1
- වතුර අවශ්‍ය පමණට
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
අන්නාසි හා රටඉඳි සිහින්ව කපාගන්න. තෙල් රත් වූ භාජනයකට අබ ඇට, කෑළි මිරිස් දමා තෙම්පරාදු කර ලූනු, ඉඟුරු හා සුදු ලූනු සිහින්ව කපා එකතුකරගන්න. මද වේලාවකට පසුව අන්නාසි, රටඉඳි හා වතුර එක්කර මිශ්‍රණය උකු වනතෙක් පිසගන්න.
