අවශ්‍ය ද්‍රව්‍ය
- කූරි මාළු 4
- රුලං කෝප්ප 1/2
- කඩල පිටි කෝප්ප 1/4
- මිරිස්කුඩු මේස හැඳි 4
- කහකුඩු තේ හැඳි 1
- ඉඟුරු සුදු ලූනු
- කොත්තමල්ලි කුඩු මේස හැඳි 1
- රස ආනුව ලුණු
- දෙහි යුෂ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
මාළු කූරි හොඳට සෝදලා මැදින් ඉරි වගේ පිහියෙන් යන්තම් කපාගන්න. බෝල් එකකට මිරිස්කුඩු, කහකුඩු, කොත්තමල්ලි කුඩු හා ලුණු එකතු කරලා ඉඟුරු සුදු ලූනූ පේස්ට් එක එක්ක දෙහි බෑයක යුෂ එකතු කරන්න.
මේ ටික හොඳට කලවම් කරලා මාළුවල තවරගන්න. ඇතුළ පිටත මේ හැමතැනම ගාගන්න. පෑන් එකේ අඟලකට ටිකක් අඩුවෙන් උසට තෙල් දාගන්න. කඩල පිටිවලට රුලං දාලා ලුණු ටිකක් දාලා කලවම් කරගන්න. දැන් මාළුවා කඩල පිටි මිශ්‍රණයේ තවරලා දෙපැත්ත හරවමින් බැදගන්න.
