සීසන් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- කෑලි මාළු ග්‍රෑම් 500
- කහකුඩු තේ හැඳි 1/4
- මිරිස්කුඩු තේ හැඳි 1
- රස අනුව ලුණු
- මසාලා පේස්ට් එකට
- සූදුරු තේ හැඳි 1
- වියළි මිරිස් තේ හැඳි 2
- සුදු ලූනු බික් 10
- කපාගත් අමුමිරිස් කරල් 2
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1 1/2
- කහකුඩු තේ හැඳි 1/4
- මිරිස්කුඩු තේ හැඳි 1 1/
- කරියට අවශ්‍ය ද්‍රව්‍ය
- ලියාගත් ලූනු ගෙඩි 2
- වියලාගත් උළුහාල් කොළ තේ හැඳි 1
- කරපිංචා 15-20
- සියඹලා යුෂ මේස හැඳි 4
- රස අනුව ලුණු
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- තෙල්
- මිටිකිරි කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
මුළින්ම මාළු තරමක කෑලි කපලා කහ, මිරිස්කුඩු හා ලුණු අතගාලා පැයක් සීසන් කරගන්න. මසාලා පේස්ට් එක හදාගන්න පෑන් එකකට වියළි මිරිස් හා සූදුරු දාලා ටිකක් බැදගන්න. මේකට සුදු ලූනු බික් ටික දාගන්න. තව විනාඩි 2 ක් බැදගන්න. දැන් මේක ග්‍රයින්ඩර් එකට දාලා අමුමිරිස් ටිකත් දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න.
ඊළඟට කහකුඩු, මිරිස්කුඩු, කොත්තමල්ලි කුඩු ටික දාලා වතුර කෝප්ප 1/4 ක් වගේ දාලා නැවත ග්‍රයින්ඩ් කරගන්න. පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සීසන් කරපු මාළු දෙපැත්ත ෆ්‍රයි කරගන්න. කරි එක හදාගන්න මාළු ටික පෑන් එකෙන් අයින්කරලා පෑන් එකට තව තෙල් ටිකක් දාලා චොප්කරගත් ලූනු ටික දාගන්න.
විනාඩි 7-8 ක් ලූනු තෙම්පරාදු කරගෙන හදාගත්තු මසාලා පේස්ට් එක එකතුකර ලුණු දමාගන්න. උළුහාල් කොළ ටික එකතු කරන්න. මද ගින්නෙ ටික වෙලාවක් හැඳිගාලා කරපිංචා, සියඹලා යුෂ ටික එකතු කරන්න. වතුර කෝප්පයක් දාගන්න. දැන් මේකට මාළු කෑලි ටික දාලා ටිකකින් මිටිකිරි ටික දාලා උතුරවගන්න. උඩින් කොත්තමල්ලි කොළ චොප් කරලා දාලා තවත් විනාඩි 2 ක් පිසගන්න.
