අවශ්‍ය ද්‍රව්‍ය
- කැමති මාළු වර්ගෙකින් ග්‍රෑම් 500
- මිරිස් කුඩු මේස හැඳි 1
- කහ තේ හැඳි 1/2
- කොත්තමල්ලි කුඩු මේස හැඳි 1/2
- උළුහාල් කුඩු ස්වල්පයක්
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
- අබ ඇට තේ හැඳි 1/2
- ලූනු ගෙඩි 1/2
- තලාගත් ඉඟුරු, සුදු ලූනු තේ හැන්දක්
- කරපිංචා ඉති 2
- සියඹලා ඇට තුනක විතර ඉස්ම
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මිරිස්, කහ, කොත්තමල්ලි, උළුහාල් සහ ගම්මිරිස් කුඩු එකට එක් කොට වතුර ස්වල්පයක් දමා ගුලියක් සාදාගෙන පැත්තකින් තියාගන්න. මැටි හට්ටියක තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට අබ ඇට ටික දාල, අබ පුපුරන කොට ලූනු, ඉඟුරු, සුදු ලූනු සහ කරපිංචා එකතු කරන් ලූනු ටික රන්වන් පාට වෙනකම් තෙම්පරාදු කරගන්න.
දැන් කලින් හදාගත්තු පහේ ගුලිය එකතු කරන් අඩුම ගින්දරේ විනාඩි දෙක තුනක් හොඳින් මිශ්‍ර කරගන්න වතුර කප් 1 ක් එකහමාරක් පමණ එකතු කරගෙන එයටම සියඹලා සහ රස අනුව ලුණු එකතු කරගන්න.
ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට වැඩි කරන් මේ හොද්ද උතුරවාගන්න. උතුරනකොට මාළු කෑලි ටික එකතු කරගන්න. මිශ්‍ර කරගෙන පියනකින් වසා පිසගන්න. මාළු තැම්බුනාට පස්සෙ පියන ඇරල හොද්ද උකු ගතියට එනකම් හින්දගන්න.
