අවශ්‍ය ද්‍රව්‍ය
- ටර්කි ග්‍රෑම් 500
- අබ ස්වල්පයක්
- තෙල් ස්වල්පයක්
- ලියාගත් ලූනු ගෙඩි 3
- කපාගත් අමුමිරිස් කරල් 3
- කපාගත් තක්කාලි ගෙඩි 3
- චොප්කරගත් ඉඟුරු මේස හැඳි 3
- මිරිස්කුඩු මේස හැඳි 3
- කොත්තමල්ලි කුඩු මේස හැඳි 2
- ගරම් මසාලා මේස හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/2
- රස ආනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
පෑන් එකට තෙල් ටිකක් දාලා අබ ටික දාගන්න. ඊළඟට ලූනු ටික දාලා තෙම්පරාදු කරගන්න. රස අනුව ලුණු එකතුකර කපාගත් අමුමිරිස් ටික දමාගන්න. ලූනු ටික තෙම්පරාදු වූ පසු කපාගත් ටර්කි ටික දාලා කලවම් කරන්න.
මේකට වතුර කෝප්ප 2 ක් දාලා විනාඩි 30 ක් වගේ තැම්බෙන්න හරින්න. ඊළඟට කපාගත් තක්කාලි, මිරිස්කුඩු, කොත්තමල්ලි කුඩු, ගරම් මසාලා, කහකුඩු හා ගම්මිරිස්කුඩු ටික එකතු කරන්න. හොඳට කලවම් කරලා විනාඩි 20 ක් වගේ වහලා පිසගන්න. බාන්න කිට්ටුව චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දාගන්න. රස බලලා අවශ්‍ය නම් ලුණු එක් කරගන්න.
