අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු ලූනු ගෙඩි 1
- අමු ඉඟුරු කැබැල්ලක්
- රම්පේ සහ කරපිංචා
- සුදු ලූනු බික් 3-4
- කහකුඩු තේ හැඳි 1/2
- රස අනුව ලුණු
සීසනින් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- පෝක් ග්‍රෑම් 500
- වියළි මිරිස් කරල් කිහිපයක්
- ගම්මිරිස් ඇට ටිකක්
- බැදපු කුරුඳු පොතු ටිකක්
- තුනපහ කුඩු
සාදාගන්නා ආකරය
පෝක් ටික පොඩි කෑලිවලට කපාගන්න. උඩින් සීසනින් එකට අවශ්‍ය ද්‍රව්‍ය ටික ග්‍රයින්ඩ් කරලා මස්වලට දාලා පැයක් විතර මැරිනේට් කරගන්න. ඉතිරි ද්‍රව්‍ය ඔක්කොම වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරලා තික් මිශ්‍රණයක් හදාගන්න.
දැන් මැරිනේට් කරගත් මස් ටික අරන් භාජනයකට දාල අඩු ගින්දරේ ලිපේ තියලා රත් වෙනකොට මේ බ්ලෙන්ඩ් කරගත්ත ග්‍රේවි එක දාගන්න. විනාඩි 40 ක් වගේ පිසගෙන රස බලා ලුණු එකතු කරගන්න.
