අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් චිකන් ග්‍රෑම් 500
- තෙල් ස්වල්පයක්
- මිරිස්කුඩු තේ හැඳි 1
- තුනපහකුඩු තේ හැඳි 1
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1
- කොච්චි කරල් 5-6
- ලියාගත් ලූනු ගෙඩි 1
- වයිට් වයින් මේස හැඳි 1
- චොප්කරගත් සුදු ලූනු බික් 3
- විනාකිරි මේස හැඳි 2
- ලුණු ටිකක්
- සෝයාසෝස් මේස හැඳි 4
සාදාගන්නා ආකාරය
මයික්‍රොවේව් බෝල් එකකට චිකන් ටික සහ අනික් සියල්ලම දාලා පැයක් මැරිනේට් කරගන්න. ඊළඟට මේ ටික විනාඩි 10 ක් මයික්‍රොවේව් කරගන්න. එළියට අරන් පොඩ්ඩක් කලවම් කරලා තවත් විනාඩි 15 ක් මයික්‍රොවේව් කරගන්න.
