අවශ්‍ය ද්‍රව්‍ය
- ලීක්ස් අල 2
- කරවල ග්‍රෑම් 100
- ලියාගත් ලූනු ගෙඩි 1
- මිරිස් කුඩු තේ හැඳි 2
- අමු තුනපහ කුඩු තේ හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1/4
- ලියාගත් අමුමිරිස් කරල් 2
- රම්පේ හා කරපිංචා
- මිටිකිරි කෝප්ප 1
- දෙහි බෑයක යුෂ
සාදාගන්නා ආකාරය
ලීක්ස් සෝදලා සිහින්ව කපාගන්න. කරවල ටිකත් පොඩියට කපාගන්න. මේ දෙකම ඇතිලියට දාලා කුළුබඩු සියල්ලම දාලා වතුර ටිකක් එක්ක ලිප තියන්න. වතුර හිfඳනකොට කිරි ටික දාලා හින්දගන්න. අන්තිමට දෙහි යුෂ එකතු කරන්න.
