අවශ්‍ය ද්‍රව්‍ය
- කෑලි කපාගත් කරවල ග්‍රෑම් 100
- කපාගත් වම්බටු කරල් 3
- ලියාගත් ලූනු ගෙඩි 1
- ලියාගත් අමුමිරිස් කරල් 2
- කපාගත් තක්කාලි ගෙඩි 1
- කපාගත් මාළුමිරිස් කරල් 2
- රම්පේ හා කරපිංචා
- කෑළි මිරිස් තේ හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/4
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- ඔයිස්ටර් සෝස් මේස හැදි 1
- සෝයා සෝස් මේස හැදි 1
- සීනි මේස හැඳි 1/4
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
වම්බටු ටික ලුණු ටිකක් අතගාලා ගැඹුරු තෙලේ බැදගන්න. කරවලවලට මිරිස් කුඩු, කහ කුඩු හා කෑලිමිරිස් අතගාලා පැත්තකින් තියන්න. භාජනයකය තෙල් ටිකක් දාලා කරවල ටික දාලා බැදෙන්න හරින්න.
කරවල සාමාන්‍ය ගාණට බැදුනම කෑලි මිරිස්, ලූනු, රම්පේ, කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න. හොඳට තෙම්පරාදු වුණාම ඔයිස්ටර් සෝස් සහ සෝයා සෝස් එක්ක සීනි ටික දාගන්න. ඒකටම අමුමිරිස්, මාළු මිරිස් හා තක්කාලි ටික දාගන්න. හොඳට කලවම් කරලා විනාඩි 5 ක් විතර වහලා පිසගන්න.
