අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි ග්‍රෑම් 250
- බිත්තර 1
- කහ තේ හැඳි 1/2
- මිටිකිරි කෝප්ප 2
- රස අනුව ලුණු
- ලියාගත් කරපිංචා
සාදාගන්නා ආකාරය
මේ ඔක්කොම කලවම් කරලා මිටිකිරි දාලා උකු බැටර් එකක් හදාගන්න. තෙල් තාච්චිය ළිපේ තියලා කොකිස් අච්චුව තාච්චිය ඇතුළෙ ටිකක් වෙලා තියලා රත් කරගන්න. දැන් කොකිස් අච්චුව අරගෙන තෙල් ටිකක් ගසලා කොකිස් බැටර් එකේ සම්පූර්ණයෙන්ම ඇතුළට ඔබන්නෙ නැතුව අච්චුවේ උසෙන් 3/4 ක් වගේ බැටර් එක තවර ගන්න. දැන් මේක තෙල් එකේ ඔබාගන්න. හැබැයි අඩියෙ ගෑවෙන්න දෙන්න එපා. කොකිස බැදීගෙන එනකොට ඉරටුවක් හෝ කූරක් ආධාරයෙන් කොකිස අච්චුවෙන් ගලවගන්න පුළුවන්.දැන් දෙපැත්ත හරවමින් බැදගෙන තෙල් බේරගන්න.
