අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි ග්‍රෑම් 500
- මිටිකිරි කෝප්ප 1 1/2
- සීනි ග්‍රෑම් 250
- කුඩු කරගත් කජු ටිකක්
- කරදමුංගු ඇට 2
සාදාගන්නා ආකාරය
හාල්පිටි කබලෙ බැදගන්න. පොල්කිරිවලට සීනි දාලා ළිපේ තියලා හැඳි ගාන්න. ටිකකින් කරදමුංගු ඇට හා කජු ටික දාගන්න. ළිපෙන් බාලා කරදමුංගු ඇට අයින් කරගන්න. හාල්පිටි වලට ලුණු දාලා මිශ්‍රණයට ටික ටික එකතු කරගන්න. ටික ටික ඝන වේගෙන එනකොට ලිපෙන් බාලා බටර් ගාගත් තැටියකට දාලා තුනී කරගන්න. උඩින් හාල්පිටි ටිකක් ඉසගන්න.
