අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් ග්‍රෑම් 200
- සීනි ග්‍රෑම් 50
- සිහින්ව ගාගත් පොල් කෝප්ප 1
- කුඩුකරගත් එනසාල් ඇට ටිකක්
- රස අනුව ලුණු සහ ගම්මිරිස්කුඩු
- පැණි බෝතල් 1/4
සාදාගන්නා ආකාරය
හාල් ටික පෙඟෙන්න තියල අරන් රන්වන් පාට වෙනකල් කබලේ බැද කුඩු කරගන්න. පැණි ටික රත් කරගෙන ඒකට පොල්, එනසාල්, ලුණු, ගම්මිරිස්කුඩු එකතු කරලා ඒකටම කුඩු කරපු හාල් එකතු කරල අතේ නොඇලෙන පදමට ආවම ගුලි හදාගන්න.
