අවශ්‍ය ද්‍රව්‍ය
- උඳු ඇට ග්‍රෑම් 250
- හාල්පිටි ග්‍රෑම් 100
- පාන්පිටි ග්‍රෑම් 50
- ඇඹුල් කෙසෙල් ගෙඩි 1
- රස අනුව ලුණු
- සීනි මේස හැඳි 1
- මිටිකිරි කෝප්ප 1/2
පැණිපත් කිරීමට
පැණි බෝතල් 1/2
සාදාගන්නා ආකාරය
උඳු ඇට සෝදල රැයක් පෙඟෙන්න තියලා අරන් ඇඹුල් කෙසෙල් ගෙඩියක් දාලා වතුර පොඩ්ඩක් දාලා අඹරගන්න. මිශ්‍රණය පැයක් වගේ තියලා ලුණු හැර අනික් ඔක්කොම දාලා බැටර් එකක් හදාගන්න. මේක අවම පැය 5 ක්වත් පිපෙන්න තියන්න ඕනේ.
පැය පහකට පස්සෙ ලුණු දාලා අනාගෙන පයිපින් බෑග් එකකින් හෝ පිරිසිදු රෙදි කෑල්ලක හිලක් හදලා රත් වුණු තෙලට රවුමට වගේ වක් කරන්න. දැන් දෙපැත්ත හරවලා හොඳට බැදගන්න. පැණි ටික වෙනම භාජනේක ලා රස්නෙට රත් කරගෙන බැදපු වළලු ඒකට දාගෙන පැණි උරාගන්න තියන්න.
