අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි ග්‍රෑම් 500
- පැණි බෝතල් 1/2
- සීනි ග්‍රෑම් 50
- කජු
සාදාගන්නා ආකාරය
හාල්පිටි කබලෙ බැදගන්න. ඒකෙන් ටිකක් අයින් කරගන්න. කජු පොඩියට කපලා පිටි එකට එකතු කරගන්න. පොල්පැණි හා සීනි එකතු කරලා උණු කරගන්න. පැණි බිංදුවක් වතුරට දැම්මම යට යන පදමට මේ මිශ්‍රණය එන්න ඕනේ.
දැන් මේ පැණි පොඩ්ඩක් නිවුනම ටික ටික පිටිවලට එකතු කරන්න. ලා තද ගතියක් එනකල් අනාගෙන පිටි ඉහපු තැටියක ඉක්මණින් තුනී කරල උඩින් තව පිටි ඉසගෙන කපාගන්න.
